ක්ෂේත්‍ර පරීක්ෂණය – අනුරාධපුර දිස්ත්‍රික්කය

2025.08.13,14 දෙදින අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොවිසඳුනු ඉඩම් ගැටලු වලට අදාළව පැවති ක්ෂේත්‍ර පරීක්ෂණ හා ඉදිරි කටයුතු සිදු වීමකින් තොරව පැවති දීර්ඝ කාලීන බදු ගොනු 1000කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාව හා ගොනු වලට අදාළව ඉදිරි කටයුතු කිරීම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, අනුරාධපුර අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්‍යාලය හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහිදී සාර්ථකව නිමාවට පත් විය. 2025.08.15 දින ඊට සමගාමීව ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ මෙහෙයවීම මත කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ඇතුළු අනෙකුත් ඉඩම් හා සම්බන්ධ සියලු ආයතන වල සහභාගීත්වයෙන් රජයේ ඉඩම් කළමනාකරණය හා ගැටලු විසඳීම සඳහා වන සාකාච්ඡාවක් පැවැති අතර රජයේ ඉඩම් රාජකාරි හා සබැඳි ගැටලු බොහොමයක් එහිදී සාකච්ඡාවට බඳුන් විය.

Top