ගම්වදින වන අලි හා වන සතුන් පිලිබඳ වූ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් සෙවීම සඳහා සිදු කාන ලද ක්ෂේත්‍ර චාරිකාව

වයඹ වනජීවී කළාපයේ ඉතා වැදගත් අභය භූමියක් වන කහල්ල පල්ලේකැලේ අභය භූමිය තුළ දීර්ඝ කාලයක සිට පදිංචි සිටින ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම, කහල්ල පල්ලේකැලේ අභයභූමිය තුළ පිහිටා ඇති එම අභයභූමිය සහ ගල්ගමුව අවට කළාපයේ අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ ජල අවශ්‍යතා සපුරන ප්‍රධාන මූලශ්‍රයක් වන හක්වටුනාව වැව් රක්ෂිතය මැන මායිම් ලකුණු කර වැව රක්ෂිතය ආරක්ෂා කිරීම හා කලමඩු ඇල රක්ෂිතය තුළ පිහිටා ඇති කලමඩුව වැව ඇතුළු ඉපැරණි වැව් පිළිසකර කර වනඅලින් ඇතුළු වනජීවීන්ට ජලය හා ආහාර අවශ්‍යතාවයන් රක්ෂිතය තුළින්ම සපයා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම තුළින් අලි මිනිස් ගැටුමට ස්ථීරසාර විසදුම් යෝජනා කි‍රීම සදහා අදාළ නිලධාරීන්, මහජනතාව හා දේශපාලන අධිකාරිය එක්ව ක්ෂේත්‍ර චාරිකාවක් 2025.08.22 දින දවස පුරා සිදුකෙරිණ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු නාමල් කරුණාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමන්, අතිරේක ලේකම්තුමා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමන්, වයඹ ආණ්ඩුකාරවර ලේකම් තුමා, පළාත් ඉඩම් කොමසාරිස්තුමා, කුරුණෑගල වාරිමාර්ග අධ්‍යක්ෂ තුමිය, පොල්පිතිගම ප්‍රාදේශීයතුමා, කුරුණෑගල දිසාවන නිලධාරීතුමා, දිස්ත්‍රීක් වනජීවී සහකාර අධ්‍යක්ෂතුමා, ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන්, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉඩම් කොමසාරිස් ජනරාල්තුමන්
නියෝජනය කරමින් සහකාර ඉඩම් කොමසාරිස් ජනක ඩී. බණ්ඩාර හේරත් මහතා සහභාගි විය.

Top